Saturday, July 25, 2015

දවස නිමා වී නම් | විසි හතර වන ගීය

දවස නිමා වී නම්
විහඟ ගීය ද ගොළු නම්,
සුළඟ වෙහෙසින් සුසුම් ලා නම්,
අන්ධකාරයෙ රුවල් පට
මා සිසාරා හෙලනු මැන!

අතුරවා ස්වප්නයේ ඇතිරිලි
හොවා සුව නින්දෙක ලොවම
වසා ලනු මැන සෙමෙන්
සවස පර වූ රත් නෙළුම් පෙති.

ගමන නිම වනු පෙරාතුව
ඔළොගුව සිස් වූ
සළු ඉරී කිළිටි වූ
දිරි සිඳුන ඒ යාත්‍රිකයා
මුදා සන්තාපයෙන්

කුළුණු බර අඳුර තුළ
සැඟවගත් කුසුමක් සේ.
පුරා ලනු මැන ඔහු හෙට
නැවුම් ප්‍රමුදිත ජිවයෙන්

__________________________________________________________________

If the day is done, if birds sing no more, if the wind has flagged tired, then draw the veil of darkness thick upon me, even as thou hast wrapt the earth with the coverlet of sleep and tenderly closed the petals of the drooping lotus at dusk.

From the traveller, whose sack of provisions is empty before the voyage is ended, whose garment is torn and dust laden, whose strength is exhausted, remove shame and poverty, and renew his life like a flower under the cover of thy kindly night.

Saturday, July 18, 2015

ඔබ මා සොයා පැමිණෙන මාවත | විසි තුන් වන ගීය

ඔබ පිටත් වූයේද මිතුර!
මේ කුණාටු රාත්‍රියේ
ප්‍රේම චාරිකාවේ යෙදෙමින්
කෙඳිරි ලයි අහස් කුස
ප්‍රාර්ථනාවන්
සිඳ බිඳ විසිර ගිය
එකකු සේ!

නින්ද නැත - මා නෙත් මත,
සදාකාලයෙන් සදාකාලයට
යළි යළිත්
යළි යළිත්
විවර කරමින් - කවුළු පියන් පත්
නෙත් හෙළන්නෙමි,
හාත්පස පිරි අඳුර වෙත.

කිසිවක් නො වේ මා අබියස.
නො පෙනේ මට
ඔබැ පිය හසර රැ‍ඳෙන තැන.

සායමක් සේ කළුව ගිය
දිය දහර රැඳි නදී තෙර
අඳුරින් බොඳවැ ගිය
කවර ඉවුරෙක ද ?

රැවුම් ලන වන පෙතේ
කවර දුර තීරයෙක ද ?
සෝ අඳුර පිරි කවර 
වංක ගිරි පතුළක ද ?

රැ‍‍ඳෙන්නේ මාවත
ඔබ මා සොයා පැමිණෙන

__________________________________________________________________

Art thou abroad on this stormy night on thy journey of love, my friend? The sky groans like one in despair.

I have no sleep tonight. Ever and again I open my door and look out on the darkness, my friend!

I can see nothing before me. I wonder where lies thy path!

By what dim shore of the ink-black river, by what far edge of the frowning forest, through what mazy depth of gloom art thou threading thy course to come to me, my friend?

Saturday, July 11, 2015

නෙතු පියාගෙන හිමිදිරිය අද | විසි දෙවන ගීය

වැසි ‍වැටෙන ඇහැල මහ
ගැඹුරු සෙවනැළි අතර
රහස් පිය සන් තබමින්
රැකවළුන් නෙත රවටමින්
සක්මන් කරයි ඔබ!

නෙතු පියාගෙන සිටී
හිමිදිරිය අද,
මුරගාන පෙරදිග සුළං රැලි
නොතකමින් - නොබලමින්.
වසා ගෙන ඝන රුවල් පටෙකින්
සදා පිබිදුණ - නිල් අහස් කුස.

වන ලැහැබ් - රුක් ගොමු
නිහඬ කොට ‍ගෙන සිටි
මියුරු ගී රාවය.

වසා ඇත හැම නිවෙසක්ම
දොර අගුළු ලා
ඔබ වේ
තනිව පිය නඟන එකම මඟියා
මේ හුදකලා කතර මාර්ගයේ.

අනේ... මා එකම මිතුරණෙනි,
අනේ... මා එකම සුහදයාණෙනි,
විවර කොට තිබේ
දොර පියන් පත් - මා කුටියේ.
පා නඟා නොයනු මැන කිසි ‍විට
මා පියමං කොට සිහිනයක් සේ


__________________________________________________________________

In the deep shadows of the rainy July, with secret steps, thou walkest, silent as night, eluding all watchers.

Today the morning has closed its eyes, heedless of the insistent calls of the loud east wind, and a thick veil has been drawn over the ever-wakeful blue sky.

The woodlands have hushed their songs, and doors are all shut at every house. Thou art the solitary wayfarer in this deserted street. Oh my only friend, my best beloved, the gates are open in my house---do not pass by like a dream.

Wednesday, July 08, 2015

පමා වූ යාත්‍රාව | විසි එක් වන ගීය

දියත් කළ යුතුය මා යාත්‍රාව
අනේ..!
විකල් වූ සිතින්
අලස වූ හෝරාවන්
රැසක් වෙරළෙහි මැ ගත විය.

වසන්තය මල් කැකුළු
කිති කවා පුබුදුවා හැර
සැරැසී සිටී සමුගෙන යන්න
මුකුලිත ව සුව වියැකි
නිසරු මල් පෙති බරින්
ළතැවී බලා හිඳිනෙමි.

සරින් රළ පෙළ වියරු
පෙරැළි කරනා හඬ ඇසේ
ඉවුරු ඉද්දර
තුරු වියන් එළා ලූ
මාවතේ කෙළවර
ඉදුණු පත් නටමින් බිම වැටේ.

අරුත් සුන් බැල්මෙන්
ඔබ බලා සිටිනුයේ
කවර වූ හිස් බවක් දෙසද ?

නො හැ‍ඟේ ද ඔබට?
නො දැනේ ද ඔබට?
කොහේදෝ ඈතක
ඉවුරු තෙරකින් නැඟී
සුළං රැල්ලෙක පාව ඇදෙනා
මියුරු ගීයක බැඳුණු ස්වරයෙක
රැ‍ඳෙන සුමියුරු ප්‍රමෝදය!


__________________________________________________________________

I must launch out my boat. The languid hours pass by on the shore - Alas for me!

The spring has done its flowering and taken leave. And now with the burden of faded futile flowers I wait and linger.

The waves have become clamorous, and upon the bank in the shady lane the yellow leaves flutter and fall.

What emptiness do you gaze upon! Do you not feel a thrill passing through the air with the notes of the far-away song floating from the other shore?

Monday, July 06, 2015

නොඉවසිලිවත් ගිම්හාන සුසුම් රැල්ලක් | විසි වන ගීය

රත් නෙළුම විකසිත වූ දා
අනේ... මා සිත මං මුළා වී තිබිණ!
එය මගේ හැඟුමින් මිදී බැහැරව තිබිණ.
සුපුෂ්පිත මල ප්‍රහර්ෂය නොහඟිමින්
මගේ මල් පැස නිබඳ හිස් වී තිබිණ.

සන්තාප සංවේදනාවන්
යළි යළිත් ඉපිද හද වෙළද්දී
සිහිනයෙන් තිගැස්සී පිබිදී මට
නුහුරු සුවඳක සොඳුරු සේයාවක්
දකුණු දිග සුළං රැල්ලෙක
සෙමෙන් දැවැටී එනු දැනිණ.

ඒ නුහුරු සොඳුරු බව
ප්‍රාර්ථනාවේ සංකාවෙන්
රිදුම් කවනා සඳ, ම හද
එය,
නිම් තෙරක් සොයමින් ඇදෙන
නො ඉවසිලිවත්
ගිම්හාන සුසුම් රැල්ලක් සේ,
මට පෙනිණ.

නො දැන හුන්නෙමි මම
එය මා වෙතම වෙලී හුන් වග
මා සතුව තිබූ බව
මගෙම හදවත අගාධයේ
පිරිපුන් සුන්දරත්වය
පිපී මල්වර වී සුවඳ ඳුන් වග.

__________________________________________________________________

On the day when the lotus bloomed, alas, my mind was straying, and I knew it not. My basket was empty and the flower remained unheeded.

Only now and again a sadness fell upon me, and I started up from my dream and felt a sweet trace of a strange fragrance in the south wind.


That vague sweetness made my heart ache with longing and it seemed to me that is was the eager breath of the summer seeking for its completion.

I knew not then that it was so near, that it was mine, and that this perfect sweetness had blossomed in the depth of my own heart.

Saturday, July 04, 2015

ඔබ නිහඬ නම් | එකුන් විසි වන ගීය

ඔබ නිහඬ නම්
මම හිඳින්නම්
ඒ නිහඬ නිසල බව
දරාගෙන හද තුළ


රැ‍ඳෙන්නම් නිසලව
රාත්‍රී නිදි වරිත 
තාරකා මෙහෙවර සේ
ඉවසුමෙන් හිස නමා

එනු ඇති - සත්තකින්
පෙර මඟ, අරුණෝදය
සැඟව යනු ඇති, අඳුරු තිමිරය.

එවිට ඔබැ කට හඬ
රුවන් දිය දහරක් වී
ගලා හැලෙනු ඇති,
අහසින් පොළොවට

ඔබේ සුමියුරු වදන් වැල්
සැලෙනු ඇති
විහඟ කැදැල්ලෙක
රැව් දෙන ගීතයෙක
පිය පතක් වී

ඔබේ සුමියුරු මියැසි රාවය
විකසිතව රැ‍ඳෙනු ඇති
මල් කැකුළු සේ
තුරු ලැහැබ් මත

__________________________________________________________________

If thou speakest not I will fill my heart with thy silence and endure it. I will keep still and wait like the night with starry vigil and its head bent low with patience. The morning will surely come, the darkness will vanish, and thy voice pour down in golden streams breaking through the sky. Then thy words will take wing in songs from every one of my birds' nests, and thy melodies will break forth in flowers in all my forest groves.

Friday, July 03, 2015

කෙසේ ගෙවනුද මේ දිගු වස්සාන හෝරාවන් | අටළොස් වන ගීය

වලාවන් මත වලාවන් රෑහි වී
අඳුර පොදි ගැසෙද්දී
අනේ... ප්‍රේමය..!
දොරකඩින් මෙපිට ඔබ මා
හුදෙකලාවේ හැරැලූයේ කිමද?

ඉසුඹු කල් නො ලද
දිවා සමයේ
මහ පිරිස් මැද වූයෙමි.
එ නමුදු මේ පාළු
අඳුරු හෝරාවේ
ඔබමැ පමණකි මා
පැතූ එකම ප්‍රාර්ථනය.

ඔබ මගෙන් මුව සඟවා ගනිතොත්
පිළිකෙව් කොට මා පසෙන හැරැලූවොත්
නොදන්නෙම් කෙසේ ගෙවනු දැයි,
මේ දිගු වස්සාන හෝරාවන්

මම බලා හිඳින්නම්,
ඈත ආකාසයේ කෙළවරෙක
රැඳි සහන් එළිය දෙස,
කෑ ගසා හඬද්දී හද
අකීකරු සුළං දහරෙක් හා එක්ව

__________________________________________________________________

Clouds heap upon clouds and it darkens. Ah, love, why dost thou let me wait outside at the door all alone?

In the busy moments of the noontide work I am with the crowd, but on this dark lonely day it is only for thee that I hope.

If thou showest me not thy face, if thou leavest me wholly aside, I know not how I am to pass these long, rainy hours.

I keep gazing on the far-away gloom of the sky, and my heart wanders wailing with the restless wind.

Wednesday, July 01, 2015

ඉතින් අවසන්ය සල්පිල! | සතලොස්වන ගීය

බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට
මේ සුනංගුව, අතපසුව හා
වරදකාරී හැඟුම එහෙයිනි

නීතියේ වරපට රැගෙන උහු
හනික එති මා බැඳ දමන්නට
එහෙත් සැඟවී ඔවුන් දෑසින්
බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට

වරද පටවති දොස් තබති මා
නොසැලකිලිමත් කියා පවසති
වරද නැත පවසනා කරුණෙහි
ඔවුනගේ බස දොසක් නොදකිමි

අවසන්ය සල්පිලද, නොලසව
වෙහෙස වූ හැමගේම කටයුතු
කෝපයෙන් පිටවී ගොසින් දැන්
නිශ්ඵලව මට හඬ ගැසූ අය
බලා හිඳිමි පැමිණෙන තෙක් ප්‍රේමය
ඔහුගේ දෑතට මා පවරන්නට


__________________________________________________________________

I am only waiting for love to give myself up at last into his hands. That is why it is so late and why I have been guilty of such omissions.

They come with their laws and their codes to bind me fast; but I evade them ever, for I am only waiting for love to give myself up at last into his hands.

People blame me and call me heedless; I doubt not they are right in their blame.

The market day is over and work is all done for the busy. Those who came to call me in vain have gone back in anger. I am only waiting for love to give myself up at last into his hands.

Monday, June 29, 2015

නිහඬ සම්භාවනාව පුදන්නට | සොළොස්වන ගීය

විශ්ව මංගල්‍යයට
ලැබී තිබුණා ඇරැයුම්
ඉන්ම මා දිවියට
ආසිරිවාද ලද්දෙම්.
මා දෑස දකින'තර
මා සවන සවන් දුනි.

මේ මංගල්‍යයේ
මගේ පැවරුම
වීය තුරු නද වැයුම
ඉටු කළෙම් එය
මා සතු සියලු සවියෙන්

කිව මැනවදැන්
කාලය පැමිණ නොමැතිද
පැමිණ ගෙතුළට
ඔබේ මුව දෙස බලමින්
පුදන්නට මාගේ
නිහඬ සම්භාවනාව

__________________________________________________________________

I have had my invitation to this world's festival, and thus my life has been blessed. My eyes have seen and my ears have heard. It was my part at this feast to play upon my instrument, and I have done all I could. Now, I ask, has the time come at last when I may go in and see thy face and offer thee my silent salutation?


Sunday, June 28, 2015

මුළු ගැන්වුණ අසුන මගේ | පසළොස්වන ගීය

පැමිණියෙමි මම
ගයන්නට ඔබේ ගීතය.
මේ විසල් මණ්ඩපය තුළ
මුළු ගැනුණු අසුනක් හිමිව ඇත

ඉටු කරන්නට මා අත
ඔබේ ලොව තුළ කිසිත් නැත
නිෂ්ඵල වූ මා දිවිය
හසරක් නොදුටු
ස්වර සංහිතාවක් සේ බිඳෙනු මිස

මැදියමේ අඳුරු දෙවොලත
නිහඬ පිණිපා හෝරාව එළැඹි කල
විදන් දෙනු මැනවි ඔබ අබියස
ගයන්නට මා ස්වාමිනී

හිමිදිරි නලින රන්
වෙණ තත් සුසර වන සඳ
සම්භාවනාවකි මට ඇණවුම
ඔබ අබියස රැඳෙන ලෙස
__________________________________________________________________

I am here to sing thee songs. In this hall of thine I have a corner seat. In thy world I have no work to do; my useless life can only break out in tunes without a purpose. When the hour strikes for thy silent worship at the dark temple of midnight, command me, my master, to stand before thee to sing. When in the morning air the golden harp is tuned, honour me, commanding my presence.

Friday, June 26, 2015

සදා පිළිකෙවුමේ සපිරි පිලිගැනුම | තුදුස් වන ගීය

ආශාවන් බෝ ය
දුක්මුසුය මා වැළපුම
නමුදු ඔබැ රළු පිළිකෙවුම
මුදවා ගනී මා නිරතුරුව.
ඒ මහා කරුණාව සපැමිණ
හැඩ තලයි ජීවිතය පිරිසැර

ගෙවෙන දිනයක් පාසා
ඉසුරුමත් කලෝ ඔබ මා
නොයැදම ඔබෙන් මා ලද
මේ අහස, මේ එළිය
දිවිය, ගත හා මනස නම්
සරල, මහර්ඝ තිළිණයෙන්.
මුදවමින් මා ආතුර
අපරිමිත ආශා පිරිපතින්

ලැසිව ලතැවෙත විටෙක අලසව
දිනුම ලුහුබැඳ දිවෙත අවදිව
සැහැසිවී සැම විටෙක එනමුදු
සැඟවෙයි මා අබියසින් ඔබ

ගෙවෙන දිනයක් පාසා
ඉසුරුමත් කලෝ ඔබ මා
සදා පිළිකෙවුමේ
සපිරි පිලිගැනුමෙන්
මුදවමින් මා ආතුර
දුබල අනියත ආශා පිරිපතින්


__________________________________________________________________

My desires are many and my cry is pitiful, but ever didst thou save me by hard refusals; and this strong mercy has been wrought into my life through and through. Day by day thou art making me worthy of the simple, great gifts that thou gavest to me unasked - this sky and the light, this body and the life and the mind - saving me from perils of overmuch desire. There are times when I languidly linger and times when I awaken and hurry in search of my goal; but cruelly thou hidest thyself from before me. Day by day thou art making me worthy of thy full acceptance by refusing me ever and anon, saving me from perils of weak, uncertain desire.

Thursday, June 18, 2015

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය

ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද

රන් නෙළුම තවමත්
විකසිතව විවරව නොමැත
ඇසෙනුයේ සුළ‍‍ඟේ සුසුම් හඬ
පමණෙකි

නො දැකීමි මම ඔහුගෙ රුව
නො ඇසීමි මම ඔහුගෙ හඬ
එහෙත් ඇසීමි
දෙපා ගැටෙනා මුදු හඬ පමණක්
නිවහන අබියස මාවතෙන් නැගෙනා

දිගාසිරි ලද දිවා මහිමය පලා යයි
පොළෝ තල මත විදා හළ
තුඟු අසුන් පණවමින්
නමුදු දල්වා නොමැත පහනක්
කැඳවනු පිණිස නිවහන තුළට ඔබ

ජීවත් ‍වන්නෙමි හද තුළ දරමින්
ඔබ හමුවීමේ ප්‍රාර්ථනය පමණක්
එ නමුදු ඒ හමුව
නොමැත තවමත් ඉටුව


__________________________________________________________________

The song that I came to sing remains unsung to this day. I have spent my days in stringing and in unstringing my instrument. The time has not come true, the words have not been rightly set; only there is the agony of wishing in my heart. The blossom has not opened; only the wind is sighing by. I have not seen his face, nor have I listened to his voice; only I have heard his gentle footsteps from the road before my house. The livelong day has passed in spreading his seat on the floor; but the lamp has not been lit and I cannot ask him into my house. I live in the hope of meeting with him; but this meeting is not yet.

Tuesday, April 14, 2015

ඔබ වෙත ම ළං වනු පිණිස ගෙවන දුර | දොළොස් වන ගීය

කල් ගත වීය බෝ
මඟ ද දිගු වේ
මා චාරිකාවේ

පැමිණියෙමි, රිය මත නැඟී
ප්‍රථම රැස් පොකුරේ.
යාත්‍රා කළෙමි,
සුවහසක් ලෝකයන් ගෙන්
වල් වැදුණු විශ්වය තුළ,
බොහෝ තරු කැට-ග්‍රහ මඩුලු මත
මං ලකුණු තබමින්.

ඔබ වෙත ම ළං වනු පිණිස
ගෙවන දුර ඔබ
මඟ වේ ලොවැ දිගුම!
සරලතම ස්වර රටාවක්
තොල මැතුරුමට කරන පුහුණුව
පුහුණුවයි ලොවැ දැඩිම!

තමන්ගේ දොරකඩ වෙතට
එළැ‍ඹෙනු පෙරාතුව 
යාත්‍රිකයාට
සිදුවේ සන් කරන්නට
බැහැර වූ අන් සියලු දොර පියන් මත!

තමා අබතුරෙහි පුදසුන වෙත
එළැඹෙනු පෙරාතුව අයකුට
සිදු වේ සරන්නට
බැහැර වූ අන් සියලු ලෝ තුළ!

නෙතු පියන් තද කොට වසා
“මෙතැන ඔබ වේ...” යැයි
හඬ නඟා කියන්නට පෙරාතුව
මගේ නෙත් සැරි සැරී
නිම් වළලු පියමං කොට.

“අනේ... කොතැනකද? යැයි
හැඬැවෙන පැණය අවසන
දියව ගොස් සහසක්
කඳුළු දිය කඳුරු විලසින
“හිඳිමි 
මම මෙතැන... ” යන

මහෝඝය විත් තිරසර
ගිල ගනී මුළු ලොවම
__________________________________________________________________

The time that my journey takes is long and the way of it long. I came out on the chariot of the first gleam of light, and pursued my voyage through the wildernesses of worlds leaving my track on many a star and planet. It is the most distant course that comes nearest to thyself, and that training is the most intricate which leads to the utter simplicity of a tune. The traveller has to knock at every alien door to come to his own, and one has to wander through all the outer worlds to reach the innermost shrine at the end. My eyes strayed far and wide before I shut them and said `Here art thou!' The question and the cry `Oh, where?' melt into tears of a thousand streams and deluge the world with the flood of the assurance `I am!'

Friday, April 03, 2015

කොතැන දෙවිඳුන් වැඩ වෙසෙන්නේ? | එකොළොස්වන ගීය

නවතන්න යාතිකා!
නවතන්න නව ගුණ 

ගීතිකා!
වැදී මේ පාලු දෙවොල තුළ
දොරගුළු වසා සිරකොට
අඳුරු කොනකට වී හුදෙකලා
පුදනුයේ කවරකුද ඔබ?
දෑස් හැර දකිනු මැන
දෙවිඳු ඔබ අබියස නොමැති වග!

සිටී ඔහු! ගොවියා
තුමුල් පස් පිඬු පෙරළනා තැන
සිටී ඔහු! මං තනන්නා
විසල් ගල් කුළු බිඳ හෙලන තැන

වරෙක සැඬ හිරු කිරණ සේ
වරෙක සිහිලැල් සිරි පොදක් සේ
දූලි ගත දවටාගෙන
සිටී ඔහු, ඔවුන් කැටි ව ම
සුපිරිසිදු සළු ඉවත ලා
එනු මැනව ඔහු මෙන්
දූලි විසිරුණ බොල් පොළොව වෙත

නිරෝධය!
කොහි වේ ද නිරෝධය?
නිමැවුමේ මහා බර
රැගෙන ඇත දෙවිඳුන් තුටින්,
සදාකාලයෙන් සදාකාලයට
බැඳී ඇත ඔහු අප සමඟ
එනු මැනව දැහැනින් මිදී
සුවඳ දුම් මල් කැකුළු පසෙක ලා
ඔබේ සළු පිළි දූලි කසටින්
වැසි පිපිරෙනු කවර වරදද ?

මුණ ගැසී මේ ශ්‍රම කෙතේ
ඇතිව දෙබැමේ රැඳුණ දහබිඳු
හුන මැනව උරෙනුර ගැටී
දෙවිඳුන් සමඟ!


_________________________________________________________________

Leave this chanting and singing and telling of beads! Whom dost thou worship in this lonely dark corner of a temple with doors all shut? Open thine eyes and see thy God is not before thee! He is there where the tiller is tilling the hard ground and where the path maker is breaking stones. He is with them in sun and in shower, and his garment is covered with dust. Put of thy holy mantle and even like him come down on the dusty soil! Deliverance? Where is this deliverance to be found? Our master himself has joyfully taken upon him the bonds of creation; he is bound with us all for ever. Come out of thy meditations and leave aside thy flowers and incense! What harm is there if thy clothes become tattered and stained? Meet him and stand by him in toil and in sweat of thy brow.

Thursday, April 02, 2015

ඔබ පා කමල රැඳෙන තැන | දස වන ගීය

මෙතැන වේ පා පුටුව ඔබගේ
පා කමල නිරතුරුව රැඳෙනා
එතැන වේ දිළිඳුන් දුබලයන්
මඟ හසර වැරදුණ දනා


කරනු පිනිපා සිරස නැමෙනා
පතුල නොදකිමි රැඳෙන සිරි පා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා

මමංකාරය ලඟා නොවනා
බිමෙක ඔබ දළ වතින් සරනා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා

මගේ හදවත මඟ නොදන්නා
බිම් කඩෙක ඔබ නිබඳ සරනා
දනන් කිසි කල නොලද සරණා
ඔබේ සරණින් සරණ ලබනා
එතැන වේ දිළිඳුන් දුබලයන් 

මඟ හසර වැරදුණ දනා
__________________________________________________________________

Here is thy footstool and there rest thy feet where live the poorest, and lowliest, and lost. When I try to bow to thee, my obeisance cannot reach down to the depth where thy feet rest among the poorest, and lowliest, and lost. Pride can never approach to where thou walkest in the clothes of the humble among the poorest, and lowliest, and lost. My heart can never find its way to where thou keepest company with the companionless among the poorest, the lowliest, and the lost.

Wednesday, April 01, 2015

සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන් පිදෙන දෑ | නව වන ගීය

නුනුවණය මේ 
ඔබේ වෑයම
ඔබෙම කරපිට නැගී යන්නද ?
යාචකය මේ 
ඔබේ වෑයම
ඔබෙම දොර අබියස 
යදින්නද ?

සියලු දෑ දැරි ඔහුගෙ සුරතේ
ඔබේ බර පොදි තබා යනු මැන !
කිසි දිනෙක සන්තාපයෙන්
හැරී ආ මග නෙත් නොලනු මැන !

ඔබේ අබිලස් හුස්ම තැවරුණ
විගස පහනින් එලිය විහිදෙයි
අපරිශුද්ධයි, කිලිටි දෑතින්
තිළිණ ඔබගේ ගැන්ම අකැපයි !
සුපිරිසුදු ප්‍රේමයේ නාමෙන්
පිදෙන දෑ පමණක්ම කැප වෙයි !

__________________________________________________________________

O Fool, try to carry thyself upon thy own shoulders! O beggar, to come beg at thy own door!Leave all thy burdens on his hands who can bear all, and never look behind in regret. Thy desire at once puts out the light from the lamp it touches with its breath. It is unholy --- take not thy gifts through its unclean hands. Accept only what is offered by sacred love.

Saturday, February 07, 2015

කුමාර බන්ධනය | අට වන ගීය

කුමර සළුපිලි පෙරෙවි
රන් මිණි දමින් ගෙල බැඳි
සිගිත්තා නො විඳී
කෙළි දෙළෙහි ප්‍රහර්ෂය
ඔසවන පියවරක් පාසා
ගැටෙයි සළුපිලි ඔහු සමග

සළු ඉරී වැරහැලි වෙතැයි
ධූලියෙන් එය කෙළෙසෙතැයි
බියෙන් වෙන් වී ලෝකයෙන්
නිසල වේ ඔහු හිටි පියවරින්

පලක් වෙද මෑණියනි ඔබගේ
බන්ධනය මේ විසිතුරු
වලකාලයි නම් ඔහු
මහ පොළෝ මවුනගෙ
සුවදායී දුහුවිල්ලෙන්
උදුරා ගනී නම් ඔහු හිමිකම
පිවිසෙනු පිණිස මහ පොළොවේ
සොඳුරු මිනිසත් බව වෙත

__________________________________________________________________

The child who is decked with prince's robes and who has jeweled chains round his neck loses all pleasure in his play; his dress hampers him at every step. In fear that it may be frayed, or stained with dust he keeps himself from the world, and is afraid even to move. Mother, it is no gain, thy bondage of finery, if it keep one shut off from the healthful dust of the earth, if it rob one of the right of entrance to the great fair of common human life.

විසිතුර උනාලූ මගේ ගීතය | සත් වන ගීය

මගේ ගීතය
ඇගේ විසිතුරු
පිළිද අබරණ උනා ලයි
සළු පිළිද සැරසුමෙහි අබිමන
ඇගේ මනසින් මුදාලයි
බරණ විසිතුර අප අතර හිඳ
සම්ප්‍රයෝගය නසාලයි
සිලි සිලිය එහි මගේ සවනින්
ඔබේ මිමිණුම වසා ලයි

ඔබේ දැකුමෙන් මගේ කිවියර
අහංකාරය දියව ගොස්
හිඳගනිම් කිවිසුරානනි මම
පා කමල් අබියස ඔබේ !
ඉඩ දෙන්න මට තනා ගන්නට
අකුටිලව වස් දඬුව සේ
දිවිය, ඔබ හට ඉඩහසර දී
පුරාලන්නට මියැසියෙන් !

__________________________________________________________________

My song has put off her adornments. She has no pride of dress and decoration. Ornaments would mar our union; they would come between thee and me; their jingling would drown thy whispers. My poet's vanity dies in shame before thy sight. O master poet, I have sat down at thy feet. Only let me make my life simple and straight, like a flute of reed for thee to fill with music.