Thursday, June 18, 2015

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය

ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද

රන් නෙළුම තවමත්
විකසිතව විවරව නොමැත
ඇසෙනුයේ සුළ‍‍ඟේ සුසුම් හඬ
පමණෙකි

නො දැකීමි මම ඔහුගෙ රුව
නො ඇසීමි මම ඔහුගෙ හඬ
එහෙත් ඇසීමි
දෙපා ගැටෙනා මුදු හඬ පමණක්
නිවහන අබියස මාවතෙන් නැගෙනා

දිගාසිරි ලද දිවා මහිමය පලා යයි
පොළෝ තල මත විදා හළ
තුඟු අසුන් පණවමින්
නමුදු දල්වා නොමැත පහනක්
කැඳවනු පිණිස නිවහන තුළට ඔබ

ජීවත් ‍වන්නෙමි හද තුළ දරමින්
ඔබ හමුවීමේ ප්‍රාර්ථනය පමණක්
එ නමුදු ඒ හමුව
නොමැත තවමත් ඉටුව


__________________________________________________________________

The song that I came to sing remains unsung to this day. I have spent my days in stringing and in unstringing my instrument. The time has not come true, the words have not been rightly set; only there is the agony of wishing in my heart. The blossom has not opened; only the wind is sighing by. I have not seen his face, nor have I listened to his voice; only I have heard his gentle footsteps from the road before my house. The livelong day has passed in spreading his seat on the floor; but the lamp has not been lit and I cannot ask him into my house. I live in the hope of meeting with him; but this meeting is not yet.

2 comments:

  1. අපූරුයි...
    පරිවර්තනයක් නොවෙයි නොවැ...
    ආයෙත් එන්නං මේ අහ
    ජයවේවා

    ReplyDelete
  2. අද තමා මේ අඩවිය දැක්කේ. අඩවියේ නමේ තියන ගීතාඞ්ජලී කියන එකේ ඞ් යන්න දැන් සිංහලයේ භාවිතයක් නැහැ. ඉස්කෝලවල උගන්නන්නේත් නැහැ, එය භාවිත කරන්න කියලා. ගීතාංජලී (ගීත + අංජලී) කියලා ලිව්වම හොඳටම ඇති. තරහින් නෙවෙයි කරුණාවෙන් කියන්නේ.

    ReplyDelete