Saturday, February 24, 2018

දෙනු මැන ශක්තිය | සතිස්වන ගීය

යැදුමයි මා හිමියනි ඔබ හට මේ 
පෙළන්න! පෙළන්න! මුදුන් මුල ම
මා හදවත රැඳෙනා දිළිඳු බවේ
දෙනු මැන ශක්තිය නොසැලී හිඳිනට
සොම්නස හා සන්තාපය අබියස

දෙනු මැන ශක්තිය මා ආදරයට
යෙදෙනට සපල ව මෙහෙවරෙහී
දෙනු මැන ශක්තිය නොනමන්නට දණ
අහංකාර බලවතුනගෙ අබිමුව
නොසලකමින් දිළිඳුන් අසරණයන්

දෙනු මැන ශක්තිය ඔසවන්නට මා
මනස නොවැදගත් දුඹුලු කෙරෙන්
දෙනු මැන ශක්තිය ඔබ අබිලස ළඟ
පුදනට පෙම හා සවිය මගේ



This is my prayer to thee, my lord---strike, strike at the root of penury in my heart. Give me the strength lightly to bear my joys and sorrows. Give me the strength to make my love fruitful in service. Give me the strength never to disown the poor or bend my knees before insolent might. Give me the strength to raise my mind high above daily trifles. And give me the strength to surrender my strength to thy will with love.

Saturday, August 26, 2017

මගේ දේශය අවදි කරනු මැන | පන් තිස් වන ගීය

කො තැනක ද තිබෙන්නේ
බිය සැකෙන් තොර වූ සිතක්
නොබා ඔසොවා තබාගෙන හිස
සිටින්නට හැකි වන තැනක්

කො තැනක ද තිබෙන්නේ
චින්තනය නිවහල් තැනක්
පටු හැඟුම් පවුරින් බෙදී ලොව
කැබැලි වී නොයනා තැනක්

සත්‍යයේ පතුලින් ම මතු වී
වදන් වැල් හැඬවෙන තැනක්
සපිරි බව වෙත නොසිඳි දිරිය ම
දෑත දිගු කරනා තැනක්

ආදි කල්පික දීන පැවතුම්
මරු කතර වැලි අතර සැඟවී
නිමල වූ දිය දහර පැණසර
අතුරුදන් නොවනා තැනක්

නිබඳව ම පැතිරී පුළුල් වන
සිතුම් පැවැතුම් හා කැරුම් වෙත
මනස මෙහෙයා ඉදිරියට ඔබ
මඟ හසර පෙන්වන තැනක්

එවන් වූ නිදහසින් පිරිපුන්
ස්වර්ග රාජ්‍යයක් ලෙසින්
පියාණෙනි මේ මගේ දේශය
අවදි කරවනු මැන ඉතින්!





Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

Where the world has not been broken up into fragments by narrow domestic walls;

Where words come out from the depth of truth;

Where tireless striving stretches its arms towards perfection;


Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;

Where the mind is led forward by thee into ever-widening thought and action---

Into that heaven of freedom, my Father, let my country awake.

Friday, August 18, 2017

සියල්ල ම ඔබ ගන්න | සිව් තිස් වන ගීය

සියල්ල ම මා දිවියේ
ඔබ ම යැයි පවසන්න
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

දැනෙන්නට ඔබ දසනුදිග,
ළං වන්න ඔබ වෙත සියල්ලෙන්,
පුදන්නට පාසා ඇසිල්ලක්
මා හදේ රැඳෙනා සෙනෙහස,
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා පැතුමෙහි
අන් සියල්ල ම ගන්න

කිසි විටක ඔබ කෙරෙන්
මිදී සැඟවී නොයන්නට
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

මගේ දිවිය ම ඔබැ පැතුම වී
බැඳෙන්නට ඔබගේ අබිලසින්
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා රැහැනේ
අන් සියල්ල ම ගන්න

රැහැනයි එය ඔබගේ ප්‍රේමයේ







Let only that little be left of me whereby I may name thee my all.

Let only that little be left of my will whereby I may feel thee on every side, and come to thee in everything, and offer to thee my love every moment.

Let only that little be left of me whereby I may never hide thee.

Let only that little of my fetters be left whereby I am bound with thy will, and thy purpose is carried out in my life---and that is the fetter of thy love.

Monday, August 14, 2017

පැහැර ගත් පුදසුන | තිස් තුන්වන ගීය

දිවා කළ මා නිවහනට වන්
ඔවුහු කීවෝ 
‘ඇබිති ම ඉඩක් පමණෙකි
මෙහි අපිට ඕනෑ’

‘සහය වෙන්නම් ඔබට
දෙවිඳු නමදිනු පිණිස
යටහත් ව පිළිගන්නම්
දිව්‍යමය දයාවේ
අපට හිමි කොටස පමණක්’
එසේ පැවසූ ඔවුහු
තැන්පත්ව මුළු ගැනුණ අසුනක
සිටියෝ යටහත් ව නිහඬ ව

නමුදු කළුවර රාත්‍රියේ උන්
නොහික්මුණු හැඩි දැඩි කමින් 
කඩාපැන මා පිදුම් කුටියට
අපරිශුද්ධ වූ ගිජු කමින් 
පැහැර ගන්නා අයුරු දුටුවෙමි
සියලු පුද පෙත්, පුදසුනින්



When it was day they came into my house and said, `We shall only take the smallest room here.'

They said, `We shall help you in the worship of your God and humbly accept only our own share in his grace'; and then they took their seat in a corner and they sat quiet and meek.

But in the darkness of night I find they break into my sacred shrine, strong and turbulent, and snatch with unholy greed the offerings from God's altar.

Thursday, December 29, 2016

නිදහසේ සෙනෙහස | තිස් දෙවන ගීය

ලොවේ මට පෙම් කරන හැම දෙන
රකින්නට වෙර දරති මා බැඳ
එ හැම පරදන ඔබේ සෙනෙහස
අහිමි නො කරයි මගේ නිදහස

සිතින් ගිලිහී යතැයි බිය වැද
එ හැම මා හැර නොයති තනි කොට
නමුදු ගත විය දින ගණන් බෝ
නොලැබ ඔබගේ දසුන හෝ මට

නො කැඳවූවත් මගේ යැදුමක
නොසිටියත් ඔබ දරා හද තුළ
දනිමි ඔබැ පෙම බලා සිටිනා
අයුරු එනතුරු මගේ ප්‍රේමය







By all means they try to hold me secure who love me in this world. But it is otherwise with thy love which is greater than theirs, and thou keepest me free.

Lest I forget them they never venture to leave me alone. But day passes by after day and thou art not seen.

If I call not thee in my prayers, if I keep not thee in my heart, thy love for me still waits for my love.

Sunday, November 13, 2016

කියන් සිරකරුවාණනි | තිස් එක් වන ගීය

කියන් සිරකරුවාණනි මෙලෙස
බැඳ දැමූයේ කවුරුන් ද නුඹ?

‘ඒ මගේ හිමියා ය’
පැවැසී සිරකරු.


‘ධනයෙන් ද බලයෙන් ද
මැඬලන්න හැකිවෙතැයි
ලෝ වැසි සියල්ලන්
සිතූයෙමි මම නිබඳ.
තර කෙළෙමි මා නිදන් ගෙය
නිරිඳුනට හිමි ධනය රැස්කොට.

නින්ද ආ කල පරයමින් නෙත
සැතපුනෙමි මම සයනයේ
හිමිසඳුන් වෙනුවෙන් තැනූ.
යළි පිබිදි කළ දුටිමි
සිටිනා’යුරු සිරකරුවකු වී
මගෙ ම නිදන් ගෙයි අබතුරෙහි.

‘කියන් සිරකරුවාණනි මෙලෙස
තැනූයේ කවුරුන් ද
බිඳ නොහෙන මේ යදම?’

‘ඒ මම ය’ පැවැසී සිරකරු.
‘බොහෝ වෙහෙසින් තලා හැඩ කොට
තැනූයේ ඒ මම ය ඒ යදම.
අපරාජිත මා බලයෙන් සිරකොට
මැඬලිය හැකි යැයි සිතුවෙමි ලෝකය,
සිතුවෙමි ඉන් ලැබෙතැයි මා නිදහස.

දිව රෑ වෙහෙසී ගිණිදැල් මැද රුදු
යකුළු පහර ලා තැනුවෙමි දම්වැල.
පුරුකෙන් පුරුකට නිමවන විට එය
දුටුවෙමි සිර වී සිටිනා’යුරු මා
මා දෑතින් නිමැ වූ යදමින් බැඳ’
________________________________________________________________

`Prisoner, tell me, who was it that bound you?'

`It was my master,' said the prisoner. `I thought I could outdo everybody in the world in wealth and power, and I amassed in my own treasure-house the money due to my king. When sleep overcame me I lay upon the bed that was for my lord, and on waking up I found I was a prisoner in my own treasure-house.'

`Prisoner, tell me, who was it that wrought this unbreakable chain?'

`It was I,' said the prisoner, `who forged this chain very carefully. I thought my invincible power would hold the world captive leaving me in a freedom undisturbed. 

Thus night and day I worked at the chain with huge fires and cruel hard strokes. When at last the work was done and the links were complete and unbreakable, I found that it held me in its grip.'

Sunday, November 06, 2016

කවුරුන් ද ලුහුබඳින්නේ මා? | තිස් වන ගීය

තනි ව මඟ බැස මම
ඇවිද එමි රහස් හමුවට
එනමුදු කවුරුන් ද මේ?
ලුහුබඳින්නේ මා පසුපස
නිසංසල අඳුර තුළ

මග හරිනු පිණිස ඔහු 
ඉඩ හරිමි පසෙකට වී 
නමුදු නොහැකි ය මට
යන්න ඔහුගෙන් මිදී 

උඩඟු බවින් කළඹා පොළොවේ
නංවයි දූලි වළා 
ඔහුගේ උස් හඬ රැව් දෙයි මා 
කොඳුරන වදනක් පාසා 

මගෙම කුඩා පිලිබිඹුව යි, ඒ හිමියනි!
නොමැත ඔහුට විලි බියක්
එනමුදු මා විලිවැදෙමි කැටුව ඔහු
පැමිණෙන්නට දොරකඩ වෙත ඔබගේ

_____________________________________________________________

I came out alone on my way to my tryst. But who is this that follows me in the silent dark?

I move aside to avoid his presence but I escape him not.

He makes the dust rise from the earth with his swagger; he adds his loud voice to every word that I utter.

He is my own little self, my lord, he knows no shame; but I am ashamed to come to thy door in his company.