Friday, August 18, 2017

සියල්ල ම ඔබ ගන්න | සිව් තිස් වන ගීය

සියල්ල ම මා දිවියේ
ඔබ ම යැයි පවසන්න
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

දැනෙන්නට ඔබ දසනුදිග,
ළං වන්න ඔබ වෙත සියල්ලෙන්,
පුදන්නට පාසා ඇසිල්ලක්
මා හදේ රැඳෙනා සෙනෙහස,
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා පැතුමෙහි
අන් සියල්ල ම ගන්න

කිසි විටක ඔබ කෙරෙන්
මිදී සැඟවී නොයන්නට
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

මගේ දිවිය ම ඔබැ පැතුම වී
බැඳෙන්නට ඔබගේ අබිලසින්
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා රැහැනේ
අන් සියල්ල ම ගන්න

රැහැනයි එය ඔබගේ ප්‍රේමයේ







Let only that little be left of me whereby I may name thee my all.

Let only that little be left of my will whereby I may feel thee on every side, and come to thee in everything, and offer to thee my love every moment.

Let only that little be left of me whereby I may never hide thee.

Let only that little of my fetters be left whereby I am bound with thy will, and thy purpose is carried out in my life---and that is the fetter of thy love.

1 comment:

  1. වටිනා උත්සාහයක්.. මටත් හිතුනා කවි ටිකක් පරිවර්තනය කරන්න. ඒත් බෑනේ.. ජය

    ReplyDelete