Saturday, February 07, 2015

කුමාර බන්ධනය | අට වන ගීය

කුමර සළුපිලි පෙරෙවි
රන් මිණි දමින් ගෙල බැඳි
සිගිත්තා නො විඳී
කෙළි දෙළෙහි ප්‍රහර්ෂය
ඔසවන පියවරක් පාසා
ගැටෙයි සළුපිලි ඔහු සමග

සළු ඉරී වැරහැලි වෙතැයි
ධූලියෙන් එය කෙළෙසෙතැයි
බියෙන් වෙන් වී ලෝකයෙන්
නිසල වේ ඔහු හිටි පියවරින්

පලක් වෙද මෑණියනි ඔබගේ
බන්ධනය මේ විසිතුරු
වලකාලයි නම් ඔහු
මහ පොළෝ මවුනගෙ
සුවදායී දුහුවිල්ලෙන්
උදුරා ගනී නම් ඔහු හිමිකම
පිවිසෙනු පිණිස මහ පොළොවේ
සොඳුරු මිනිසත් බව වෙත

__________________________________________________________________

The child who is decked with prince's robes and who has jeweled chains round his neck loses all pleasure in his play; his dress hampers him at every step. In fear that it may be frayed, or stained with dust he keeps himself from the world, and is afraid even to move. Mother, it is no gain, thy bondage of finery, if it keep one shut off from the healthful dust of the earth, if it rob one of the right of entrance to the great fair of common human life.

විසිතුර උනාලූ මගේ ගීතය | සත් වන ගීය

මගේ ගීතය
ඇගේ විසිතුරු
පිළිද අබරණ උනා ලයි
සළු පිළිද සැරසුමෙහි අබිමන
ඇගේ මනසින් මුදාලයි
බරණ විසිතුර අප අතර හිඳ
සම්ප්‍රයෝගය නසාලයි
සිලි සිලිය එහි මගේ සවනින්
ඔබේ මිමිණුම වසා ලයි

ඔබේ දැකුමෙන් මගේ කිවියර
අහංකාරය දියව ගොස්
හිඳගනිම් කිවිසුරානනි මම
පා කමල් අබියස ඔබේ !
ඉඩ දෙන්න මට තනා ගන්නට
අකුටිලව වස් දඬුව සේ
දිවිය, ඔබ හට ඉඩහසර දී
පුරාලන්නට මියැසියෙන් !

__________________________________________________________________

My song has put off her adornments. She has no pride of dress and decoration. Ornaments would mar our union; they would come between thee and me; their jingling would drown thy whispers. My poet's vanity dies in shame before thy sight. O master poet, I have sat down at thy feet. Only let me make my life simple and straight, like a flute of reed for thee to fill with music.