Wednesday, August 31, 2016

හිත හදාගනු බැරි ව ලතවෙමි | අට විසි වන ගීය

උඩඟු දැඩිකම් යදැල් වී එය
බිඳිනු වෙහෙසෙත, රිදෙයි හදවත
අවැසි නිදහස, පමණි මා හට
විලි වැදේ පෙරමග බලන හිත

ඔබ යි මිල කළ නොහැකි වූ ඒ
ඉසුරු සම්පත, සහතිකෙන්
ඔබ යි මාගේ උතුම් වූ ඒ
කල්‍යාණ මිතුරාණන්
මගේ කුටිය ම පිරී ඇත නන්
සරුව පිත්තල විසිතුරින්
හිත හදාගනු බැරි ව ලතවෙමි
ඉවත ලන්නට අමදිමින්

පිරුවටය මා පෙරෙවි, සැදුණේ
මරණයෙන් සහ දූලියෙන්
කරමි පිළිකුල් නමුදු නැවතත්
වැළඳ ගන්නෙමි ප්‍රේමයෙන්

මිරිකෙමින් ණය බරින් සුවිසල්
මගේ මහ අසමත් කමින්
රහස් විලියෙන් බරව ඇති මුත්
යදින විට යහපත ඔබෙන්
සසලවෙමි වෙවුලමි ඉතින්
මා පැතුම් ඉටුවේ යැයි බයෙන්
__________________________________________________________________

Obstinate are the trammels, but my heart aches when I try to break them. Freedom is all I want, but to hope for it I feel ashamed.

I am certain that priceless wealth is in thee, and that thou art my best friend, but I have not the heart to sweep away the tinsel that fills my room

The shroud that covers me is a shroud of dust and death; I hate it, yet hug it in love.

My debts are large, my failures great, my shame secret and heavy; yet when I come to ask for my good, I quake in fear lest my prayer be granted.

2 comments:

  1. අපූරු පද ගැලපුමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලක්ෂණ කවි පෙලක්..

    ReplyDelete