Sunday, June 12, 2016

තැවරෙනා විට සුසුම් මා සිහින මත | විසි හය වන ගීය

රැඳුණි අසබඩ පැමිණ ඔහු
එනමුදු නොපිබිදියෙමි මම
කවර නම් සැහැසි නින්දක් ද ඒ?
අනේ! පින්මඳ මා!

රෑ කල බෝ නිසංසල
ආ විට වීණාව ගෙන දෝතට
අනුනාද විය මා සිහිනයන්
බැඳී එහි ස්වර සංගතියට

අනේ! මේ සියලු රාත්‍රීන්
පරව යන්නේ ඇයි ද මේ ලෙස?
අහිමි ඇයි මට දැකුම
තැවරෙනා විට ඔබැ සුසුම් මා
සිහින මත

__________________________________________________________________

He came and sat by my side but I woke not. What a cursed sleep it was, O miserable me!

He came when the night was still; he had his harp in his hands, and my dreams became resonant with its melodies.

Alas, why are my nights all thus lost? Ah, why do I ever miss his sight whose breath touches my sleep?

5 comments:

  1. මාධව මහතා..............

    වටිනා අකුරු කිරීමක්....... ආසියාවේ පළමු නෙබෙල් සාහිත්‍ය සම්මානලභියා බිහිකළ කෘතිය...... මේ විදිහට දකින්න ලැබීම වාසනාවක්..... දිගට ම ලියමු..... සින්ඩිගත කරගත්තා.....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ දිරිගැන්වීමට

      Delete
  2. Replies
    1. ස්තුතියි නිලුක, ඔබේ 'පරිවර්තන' හි නිර්මාණත් මම බොහෝ රස විඳිනවා.

      Delete
  3. රසවිදිමි. ස්තුතියි..!

    ReplyDelete