Wednesday, April 18, 2012

බැඳ දමා ඇත ඔබ ‍මගේ හදවත - තෙවන ගීය

නොදන්නෙමි හිමියෙනි මම, ඔබ
කෙලෙස මේ ලෙස ගයන්නේදැයි
සවන් දෙමි නිසසල ව
හද රැඳුණු විස්මයෙන්

දිදුලවයි මුළු ලොවම
ඔබැ මීයැසි ආලෝකය
දුරට විහිදෙන

රිද්මයක් වෙයි
ජීවන සුස්මේ
ආකාසයෙන් ආකාසයට
පැන දිවෙන ස්වර දැහැන

පවුරු පදනම් කඩා හෙලමින්
දිවයයි දුරින් දුරටම
පරම පිවිතුරු ඒ 
සංගීත ප්‍රවාහය

බලා හිඳී විඩාපත් හදවත
එක්වනු පිණිස ඔබැ ගීයට
අරගල කරයි උපදනු පිණිස
එකම එක ස්වරයෙක් හෝ

හඬ නැ‍‍ගෙයි - හඬ ඇසෙයි
නමුදු මගේ කටහඬ
සංගීතයක් නම් නොවෙයි.
අඟුලු ලූ මුව ඇතිව
ශෝකයෙන් මුරගාමි

අනේ...
බැඳ දමා ඇත හිමියෙනි
ඔබ ‍මගේ හදවත
අන්තයක් නොමැති ඒ
මියුරු ගී දැල්කඩින්
__________________________________________________________________

I know not how thou singest, my master! I ever listen in silent amazement. The light of thy music illumines the world. The life breath of thy music runs from sky to sky. The holy stream of thy music breaks through all stony obstacles and rushes on. My heart longs to join in thy song, but vainly struggles for a voice. I would speak, but speech breaks not into song, and I cry out baffled. Ah, thou hast made my heart captive in the endless meshes of thy music, my master!

2 comments:

  1. ඔබ කවි පද වියන විලාශය ඇත්තෙන්ම අපූරුයි... සුබ පතනවා ඔබට තවත් ලියන්නට....

    ReplyDelete
  2. Wow...

    හරි ම අපූරුයි... විශිෂ්ට යි... දිගට ම ලියන්න... මා එනවා කියවන්න....

    ReplyDelete