Thursday, September 26, 2013

හදවතේ ගැඹුරුතම පූජාසනයේ සිටී ඔබ - සිව් වන ගීය


මගේ දිවියේ සාරය!
වෑයම් කරමි නිරතුරු
පිවිතුරුව තබා ගන්නට මා ගත
දන්නා හෙයින් ඔබැ දිවමන් පහස
මා ගත පුරා රැඳෙන බව

වෑයම් කරමි නිරතුරු
සිතිවිල්ලෙන්
පලවා හරින්නට අසත්‍යය
දන්නා හෙයින් සත්‍යයය
ඔබ පමණක්මැ බව 
බුද්ධියේ ආලෝකය
මා මනස තුළ දල්වන

වෑයම් කරමි නිරතුරු 
හදවතින්
සියලු පාපය පලවා හැර
රඳවන්නට ආදරය මල් කැකුළක
දන්නා හෙයින් හදවතේ
ගැඹුරුතම පූජාසනයේ
ඔබ වැඩ වෙසෙන බව

වෑයම් කරමි 
හෙළිදරව් කරනට ඔබ 
මාගේ ක්‍රියාවන් තුළ
දන්නා හෙයින් 
ඔබේ ශක්තිය බව
මගේ කටයුතු වලට
දිරි ලැබෙන 
__________________________________________________________

Life of my life, I shall ever try to keep my body pure, knowing that thy living touch is upon all my limbs. I shall ever try to keep all untruths out from my thoughts, knowing that thou art that truth which has kindled the light of reason in my mind. I shall ever try to drive all evils away from my heart and keep my love in flower, knowing that thou hast thy seat in the inmost shrine of my heart. And it shall be my endeavor to reveal thee in my actions, knowing it is thy power gives me strength to act.

No comments:

Post a Comment