Wednesday, March 07, 2012

‍සයුරු දිය මත පියා සලනා ප්‍රීතිමත් විහඟකු ලෙසින් - දෙවන ගීය

ගයන්නට ඔබ නියම කළ සඳ
අබිමනින් මා හද බි‍ඳේ
ඔබේ වුවනත දෙස බලන මා
නුවන් යුග කඳුලින් පිරේ

විලින වී දිවි කටුක අමිහිර
මියුරු සර ප්‍රසංවාදයකට
සයුරු දිය මත පියා සලනා
ප්‍රීතිමත් විහඟකු ලෙසින්
මගේ හද රැඳි බුහුමනේ
පියාපත් යුග දිග හැරේ

දනිමි මම ඔබ මගේ ගැයුමෙන්
ඔකඳ වන බව ප්‍රීතියෙන්
දනිමි ඔබ දැකුමට පැමිණියේ
පමණි ගයුවකු විලසින්

කිසි කලෙක මට ළඟා වන්නට
නොහැකි ඔබගේ පා කමල්
දිගහැරෙන මා ගීතයන්ගේ
පියා තුඬගින් පිසැ හරිම්

අමතක ව ගොස් මට ම මා
මත් ව ගීත ප්‍රමෝදයෙන්
හඬගාමි මම ඔබට දැන්
මිතුරාණනී මා ස්වාමී වූ

When thou commandest me to sing it seems that my heart would break with pride; and I look to thy face, and tears come to my eyes. All that is harsh and dissonant in my life melts into one sweet harmony and my adoration spreads wings like a glad bird on its flight across the sea. I know thou takest pleasure in my singing. I know that only as a singer I come before thy presence. I touch by the edge of the far-spreading wing of my song thy feet which I could never aspire to reach. Drunk with the joy of singing I forget myself and call thee friend who art my lord.

Saturday, February 25, 2012

ඔබගේ දිව්‍යමය ස්පර්ශය - පළමු ගීය

අපරිමිත කොට ඇත ඔබ මා
සදා නිම නොවන සේ
එයයි ඔබගේ හර්ෂය!
මේ දුබල සසල දිවි විත
යළි යළිදු සිස් කරමින්,
නෑඹුල් ජීවයෙන් ඔබ
යළි යළිදු පුරවන්නෙය.

මේ සිඟිති බට ලී කඩ
රැගෙන ගොස් ඔබ
ගිරි ශිඛර මිටියාවත් මතින්,
ජීවන සුසුමින් පිඹ හළ
අමරණිය මියැසි රාව නංවන්නෙය

ඔබගේ දිව්‍යමය ස්පර්ශය ලද
මා සිඟිති හදවත උපන්
සොම්නස,
ඉවුරු සීමා සිඳ බිඳ
අවසන ගොලුවැ ගිය
විරාමයකට උපත දෙන්නෙය.

අපිරිමිත වූ ඔබ තිළිණයන්
මවෙත ලං වනුයේ
මා සතු පුංචි දෑතිනි.
යුග ගණන් ගෙවුණද
සදාකල් ඔබ එය පුරවමින් සිටින්නෙය.
එහෙත් සපිරෙනු පිණිස
තව බොහෝ සිස් ඉඩද ඇත්තෙය.

Thou hast made me endless, such is thy pleasure. This frail vessel thou emptiest again and again, and fillest it ever with fresh life. This little flute of a reed thou hast carried over hills and dales, and hast breathed through it melodies eternally new. At the immortal touch of thy hands my little heart loses its limits in joy and gives birth to utterance ineffable. Thy infinite gifts come to me only on these very small hands of mine. Ages pass, and still thou pourest, and still there is room to fill.


Gitanjali Song 01 by Madhawa