Saturday, August 26, 2017

මගේ දේශය අවදි කරනු මැන | පන් තිස් වන ගීය

කො තැනක ද තිබෙන්නේ
බිය සැකෙන් තොර වූ සිතක්
නොබා ඔසොවා තබාගෙන හිස
සිටින්නට හැකි වන තැනක්

කො තැනක ද තිබෙන්නේ
චින්තනය නිවහල් තැනක්
පටු හැඟුම් පවුරින් බෙදී ලොව
කැබැලි වී නොයනා තැනක්

සත්‍යයේ පතුලින් ම මතු වී
වදන් වැල් හැඬවෙන තැනක්
සපිරි බව වෙත නොසිඳි දිරිය ම
දෑත දිගු කරනා තැනක්

ආදි කල්පික දීන පැවතුම්
මරු කතර වැලි අතර සැඟවී
නිමල වූ දිය දහර පැණසර
අතුරුදන් නොවනා තැනක්

නිබඳව ම පැතිරී පුළුල් වන
සිතුම් පැවැතුම් හා කැරුම් වෙත
මනස මෙහෙයා ඉදිරියට ඔබ
මඟ හසර පෙන්වන තැනක්

එවන් වූ නිදහසින් පිරිපුන්
ස්වර්ග රාජ්‍යයක් ලෙසින්
පියාණෙනි මේ මගේ දේශය
අවදි කරවනු මැන ඉතින්!





Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

Where the world has not been broken up into fragments by narrow domestic walls;

Where words come out from the depth of truth;

Where tireless striving stretches its arms towards perfection;


Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;

Where the mind is led forward by thee into ever-widening thought and action---

Into that heaven of freedom, my Father, let my country awake.

Friday, August 18, 2017

සියල්ල ම ඔබ ගන්න | සිව් තිස් වන ගීය

සියල්ල ම මා දිවියේ
ඔබ ම යැයි පවසන්න
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

දැනෙන්නට ඔබ දසනුදිග,
ළං වන්න ඔබ වෙත සියල්ලෙන්,
පුදන්නට පාසා ඇසිල්ලක්
මා හදේ රැඳෙනා සෙනෙහස,
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා පැතුමෙහි
අන් සියල්ල ම ගන්න

කිසි විටක ඔබ කෙරෙන්
මිදී සැඟවී නොයන්නට
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා වෙත
අන් සියල්ල ම ගන්න

මගේ දිවිය ම ඔබැ පැතුම වී
බැඳෙන්නට ඔබගේ අබිලසින්
අවැසි වන අල්පය ම පමණක්
ඉතිරිකොට මා රැහැනේ
අන් සියල්ල ම ගන්න

රැහැනයි එය ඔබගේ ප්‍රේමයේ







Let only that little be left of me whereby I may name thee my all.

Let only that little be left of my will whereby I may feel thee on every side, and come to thee in everything, and offer to thee my love every moment.

Let only that little be left of me whereby I may never hide thee.

Let only that little of my fetters be left whereby I am bound with thy will, and thy purpose is carried out in my life---and that is the fetter of thy love.

Monday, August 14, 2017

පැහැර ගත් පුදසුන | තිස් තුන්වන ගීය

දිවා කළ මා නිවහනට වන්
ඔවුහු කීවෝ 
‘ඇබිති ම ඉඩක් පමණෙකි
මෙහි අපිට ඕනෑ’

‘සහය වෙන්නම් ඔබට
දෙවිඳු නමදිනු පිණිස
යටහත් ව පිළිගන්නම්
දිව්‍යමය දයාවේ
අපට හිමි කොටස පමණක්’
එසේ පැවසූ ඔවුහු
තැන්පත්ව මුළු ගැනුණ අසුනක
සිටියෝ යටහත් ව නිහඬ ව

නමුදු කළුවර රාත්‍රියේ උන්
නොහික්මුණු හැඩි දැඩි කමින් 
කඩාපැන මා පිදුම් කුටියට
අපරිශුද්ධ වූ ගිජු කමින් 
පැහැර ගන්නා අයුරු දුටුවෙමි
සියලු පුද පෙත්, පුදසුනින්



When it was day they came into my house and said, `We shall only take the smallest room here.'

They said, `We shall help you in the worship of your God and humbly accept only our own share in his grace'; and then they took their seat in a corner and they sat quiet and meek.

But in the darkness of night I find they break into my sacred shrine, strong and turbulent, and snatch with unholy greed the offerings from God's altar.