Sunday, November 13, 2016

කියන් සිරකරුවාණනි | තිස් එක් වන ගීය

කියන් සිරකරුවාණනි මෙලෙස
බැඳ දැමූයේ කවුරුන් ද නුඹ?

‘ඒ මගේ හිමියා ය’
පැවැසී සිරකරු.


‘ධනයෙන් ද බලයෙන් ද
මැඬලන්න හැකිවෙතැයි
ලෝ වැසි සියල්ලන්
සිතූයෙමි මම නිබඳ.
තර කෙළෙමි මා නිදන් ගෙය
නිරිඳුනට හිමි ධනය රැස්කොට.

නින්ද ආ කල පරයමින් නෙත
සැතපුනෙමි මම සයනයේ
හිමිසඳුන් වෙනුවෙන් තැනූ.
යළි පිබිදි කළ දුටිමි
සිටිනා’යුරු සිරකරුවකු වී
මගෙ ම නිදන් ගෙයි අබතුරෙහි.

‘කියන් සිරකරුවාණනි මෙලෙස
තැනූයේ කවුරුන් ද
බිඳ නොහෙන මේ යදම?’

‘ඒ මම ය’ පැවැසී සිරකරු.
‘බොහෝ වෙහෙසින් තලා හැඩ කොට
තැනූයේ ඒ මම ය ඒ යදම.
අපරාජිත මා බලයෙන් සිරකොට
මැඬලිය හැකි යැයි සිතුවෙමි ලෝකය,
සිතුවෙමි ඉන් ලැබෙතැයි මා නිදහස.

දිව රෑ වෙහෙසී ගිණිදැල් මැද රුදු
යකුළු පහර ලා තැනුවෙමි දම්වැල.
පුරුකෙන් පුරුකට නිමවන විට එය
දුටුවෙමි සිර වී සිටිනා’යුරු මා
මා දෑතින් නිමැ වූ යදමින් බැඳ’
________________________________________________________________

`Prisoner, tell me, who was it that bound you?'

`It was my master,' said the prisoner. `I thought I could outdo everybody in the world in wealth and power, and I amassed in my own treasure-house the money due to my king. When sleep overcame me I lay upon the bed that was for my lord, and on waking up I found I was a prisoner in my own treasure-house.'

`Prisoner, tell me, who was it that wrought this unbreakable chain?'

`It was I,' said the prisoner, `who forged this chain very carefully. I thought my invincible power would hold the world captive leaving me in a freedom undisturbed. 

Thus night and day I worked at the chain with huge fires and cruel hard strokes. When at last the work was done and the links were complete and unbreakable, I found that it held me in its grip.'

4 comments:

  1. වටිනා කවියක පරිවර්තනයක්..................

    ReplyDelete
  2. බොහෝ වෙලාවට තමන් හිර වෙලා ඉන්නේ තමන්ම හදාගත් යදමින් බව දකින්නේ නැ බොහෝ අය..

    ReplyDelete
    Replies
    1. තාගෝර් ගේ කාලයටත් වඩා මේ අදහස වර්තමානයට වලංගුයි

      Delete