Monday, June 29, 2015

නිහඬ සම්භාවනාව පුදන්නට | සොළොස්වන ගීය

විශ්ව මංගල්‍යයට
ලැබී තිබුණා ඇරැයුම්
ඉන්ම මා දිවියට
ආසිරිවාද ලද්දෙම්.
මා දෑස දකින'තර
මා සවන සවන් දුනි.

මේ මංගල්‍යයේ
මගේ පැවරුම
වීය තුරු නද වැයුම
ඉටු කළෙම් එය
මා සතු සියලු සවියෙන්

කිව මැනවදැන්
කාලය පැමිණ නොමැතිද
පැමිණ ගෙතුළට
ඔබේ මුව දෙස බලමින්
පුදන්නට මාගේ
නිහඬ සම්භාවනාව

__________________________________________________________________

I have had my invitation to this world's festival, and thus my life has been blessed. My eyes have seen and my ears have heard. It was my part at this feast to play upon my instrument, and I have done all I could. Now, I ask, has the time come at last when I may go in and see thy face and offer thee my silent salutation?


Sunday, June 28, 2015

මුළු ගැන්වුණ අසුන මගේ | පසළොස්වන ගීය

පැමිණියෙමි මම
ගයන්නට ඔබේ ගීතය.
මේ විසල් මණ්ඩපය තුළ
මුළු ගැනුණු අසුනක් හිමිව ඇත

ඉටු කරන්නට මා අත
ඔබේ ලොව තුළ කිසිත් නැත
නිෂ්ඵල වූ මා දිවිය
හසරක් නොදුටු
ස්වර සංහිතාවක් සේ බිඳෙනු මිස

මැදියමේ අඳුරු දෙවොලත
නිහඬ පිණිපා හෝරාව එළැඹි කල
විදන් දෙනු මැනවි ඔබ අබියස
ගයන්නට මා ස්වාමිනී

හිමිදිරි නලින රන්
වෙණ තත් සුසර වන සඳ
සම්භාවනාවකි මට ඇණවුම
ඔබ අබියස රැඳෙන ලෙස
__________________________________________________________________

I am here to sing thee songs. In this hall of thine I have a corner seat. In thy world I have no work to do; my useless life can only break out in tunes without a purpose. When the hour strikes for thy silent worship at the dark temple of midnight, command me, my master, to stand before thee to sing. When in the morning air the golden harp is tuned, honour me, commanding my presence.

Friday, June 26, 2015

සදා පිළිකෙවුමේ සපිරි පිලිගැනුම | තුදුස් වන ගීය

ආශාවන් බෝ ය
දුක්මුසුය මා වැළපුම
නමුදු ඔබැ රළු පිළිකෙවුම
මුදවා ගනී මා නිරතුරුව.
ඒ මහා කරුණාව සපැමිණ
හැඩ තලයි ජීවිතය පිරිසැර

ගෙවෙන දිනයක් පාසා
ඉසුරුමත් කලෝ ඔබ මා
නොයැදම ඔබෙන් මා ලද
මේ අහස, මේ එළිය
දිවිය, ගත හා මනස නම්
සරල, මහර්ඝ තිළිණයෙන්.
මුදවමින් මා ආතුර
අපරිමිත ආශා පිරිපතින්

ලැසිව ලතැවෙත විටෙක අලසව
දිනුම ලුහුබැඳ දිවෙත අවදිව
සැහැසිවී සැම විටෙක එනමුදු
සැඟවෙයි මා අබියසින් ඔබ

ගෙවෙන දිනයක් පාසා
ඉසුරුමත් කලෝ ඔබ මා
සදා පිළිකෙවුමේ
සපිරි පිලිගැනුමෙන්
මුදවමින් මා ආතුර
දුබල අනියත ආශා පිරිපතින්


__________________________________________________________________

My desires are many and my cry is pitiful, but ever didst thou save me by hard refusals; and this strong mercy has been wrought into my life through and through. Day by day thou art making me worthy of the simple, great gifts that thou gavest to me unasked - this sky and the light, this body and the life and the mind - saving me from perils of overmuch desire. There are times when I languidly linger and times when I awaken and hurry in search of my goal; but cruelly thou hidest thyself from before me. Day by day thou art making me worthy of thy full acceptance by refusing me ever and anon, saving me from perils of weak, uncertain desire.

Thursday, June 18, 2015

ගයන්නට මා රැගෙන ආ ප්‍රගීතය | තෙලෙස් වන ගීය

ප්‍රගීතය.!
මා ගයන්නට රැගෙන ආ,
ගොළුව නිහඬව ඇත
අද වන තුරු ද

වෙණ තත් සිඳිමින් ද
යළි යළිත් සදමින් ද
ගෙවා ඇත මා දින ගණන්

සුදුසු කාලය මෙතුවක්
සැබෑවක් නොම විය,
වදන් වැල් නිසි ලෙස
බැඳී ගැලපී නොමැත.
අහිමි පැතුමක අමිහිර පමණක්
වෙලී පැටැලී රැඳී ඇත හද

රන් නෙළුම තවමත්
විකසිතව විවරව නොමැත
ඇසෙනුයේ සුළ‍‍ඟේ සුසුම් හඬ
පමණෙකි

නො දැකීමි මම ඔහුගෙ රුව
නො ඇසීමි මම ඔහුගෙ හඬ
එහෙත් ඇසීමි
දෙපා ගැටෙනා මුදු හඬ පමණක්
නිවහන අබියස මාවතෙන් නැගෙනා

දිගාසිරි ලද දිවා මහිමය පලා යයි
පොළෝ තල මත විදා හළ
තුඟු අසුන් පණවමින්
නමුදු දල්වා නොමැත පහනක්
කැඳවනු පිණිස නිවහන තුළට ඔබ

ජීවත් ‍වන්නෙමි හද තුළ දරමින්
ඔබ හමුවීමේ ප්‍රාර්ථනය පමණක්
එ නමුදු ඒ හමුව
නොමැත තවමත් ඉටුව


__________________________________________________________________

The song that I came to sing remains unsung to this day. I have spent my days in stringing and in unstringing my instrument. The time has not come true, the words have not been rightly set; only there is the agony of wishing in my heart. The blossom has not opened; only the wind is sighing by. I have not seen his face, nor have I listened to his voice; only I have heard his gentle footsteps from the road before my house. The livelong day has passed in spreading his seat on the floor; but the lamp has not been lit and I cannot ask him into my house. I live in the hope of meeting with him; but this meeting is not yet.