Sunday, November 13, 2016

කියන් සිරකරුවාණනි | තිස් එක් වන ගීය

කියන් සිරකරුවාණනි මෙලෙස
බැඳ දැමූයේ කවුරුන් ද නුඹ?

‘ඒ මගේ හිමියා ය’
පැවැසී සිරකරු.


‘ධනයෙන් ද බලයෙන් ද
මැඬලන්න හැකිවෙතැයි
ලෝ වැසි සියල්ලන්
සිතූයෙමි මම නිබඳ.
තර කෙළෙමි මා නිදන් ගෙය
නිරිඳුනට හිමි ධනය රැස්කොට.

නින්ද ආ කල පරයමින් නෙත
සැතපුනෙමි මම සයනයේ
හිමිසඳුන් වෙනුවෙන් තැනූ.
යළි පිබිදි කළ දුටිමි
සිටිනා’යුරු සිරකරුවකු වී
මගෙ ම නිදන් ගෙයි අබතුරෙහි.

‘කියන් සිරකරුවාණනි මෙලෙස
තැනූයේ කවුරුන් ද
බිඳ නොහෙන මේ යදම?’

‘ඒ මම ය’ පැවැසී සිරකරු.
‘බොහෝ වෙහෙසින් තලා හැඩ කොට
තැනූයේ ඒ මම ය ඒ යදම.
අපරාජිත මා බලයෙන් සිරකොට
මැඬලිය හැකි යැයි සිතුවෙමි ලෝකය,
සිතුවෙමි ඉන් ලැබෙතැයි මා නිදහස.

දිව රෑ වෙහෙසී ගිණිදැල් මැද රුදු
යකුළු පහර ලා තැනුවෙමි දම්වැල.
පුරුකෙන් පුරුකට නිමවන විට එය
දුටුවෙමි සිර වී සිටිනා’යුරු මා
මා දෑතින් නිමැ වූ යදමින් බැඳ’
________________________________________________________________

`Prisoner, tell me, who was it that bound you?'

`It was my master,' said the prisoner. `I thought I could outdo everybody in the world in wealth and power, and I amassed in my own treasure-house the money due to my king. When sleep overcame me I lay upon the bed that was for my lord, and on waking up I found I was a prisoner in my own treasure-house.'

`Prisoner, tell me, who was it that wrought this unbreakable chain?'

`It was I,' said the prisoner, `who forged this chain very carefully. I thought my invincible power would hold the world captive leaving me in a freedom undisturbed. 

Thus night and day I worked at the chain with huge fires and cruel hard strokes. When at last the work was done and the links were complete and unbreakable, I found that it held me in its grip.'

Sunday, November 06, 2016

කවුරුන් ද ලුහුබඳින්නේ මා? | තිස් වන ගීය

තනි ව මඟ බැස මම
ඇවිද එමි රහස් හමුවට
එනමුදු කවුරුන් ද මේ?
ලුහුබඳින්නේ මා පසුපස
නිසංසල අඳුර තුළ

මග හරිනු පිණිස ඔහු 
ඉඩ හරිමි පසෙකට වී 
නමුදු නොහැකි ය මට
යන්න ඔහුගෙන් මිදී 

උඩඟු බවින් කළඹා පොළොවේ
නංවයි දූලි වළා 
ඔහුගේ උස් හඬ රැව් දෙයි මා 
කොඳුරන වදනක් පාසා 

මගෙම කුඩා පිලිබිඹුව යි, ඒ හිමියනි!
නොමැත ඔහුට විලි බියක්
එනමුදු මා විලිවැදෙමි කැටුව ඔහු
පැමිණෙන්නට දොරකඩ වෙත ඔබගේ

_____________________________________________________________

I came out alone on my way to my tryst. But who is this that follows me in the silent dark?

I move aside to avoid his presence but I escape him not.

He makes the dust rise from the earth with his swagger; he adds his loud voice to every word that I utter.

He is my own little self, my lord, he knows no shame; but I am ashamed to come to thy door in his company.