Monday, June 20, 2016

දල්වන්න! සෙනෙහසේ රන්වන් ප්‍රදීපය | විසි හත් වන ගීය

ආලෝකය, අහෝ!
කොහි ද ආලෝකය?
දල්වන්න එය දැවෙන ගිනිගෙන
ආශාවේ මැලයෙන්!

ප්‍රදීපය වේ මෙතැන එනමුදු
නොවේ සිළුවක ලෙලෙන රිද්මය
එයද ඉරණම මගේ හදවත?
එයට වැඩියෙන් යෙහෙකි මරණය

පැමිණ දොම්නස, දොර පියන් මත
සන් කරයි පණිවුඩය අරගෙන
අවදියෙනි හිමි! හඬ ගසයි දැන්
නිශා අඳුරේ රහස් හමුවට

මේ කුළින් බර අඳුරු අහසින්
ඇද හැලේ අනවරත වැහි පොද
ඇයිද මේ? කැළඹුම මහද තුළ
නොවැටහේ එහි අරුත පිරිසිඳ

විදුලි සරයක සැණෙලි දහරක
ගැඹුරු වේ මා දෙනෙත ඇඳිරිය
සොයයි හදවත කොහිද මාවත
රැයේ මියැසිය මහද කැඳවන

ආලෝකය, අහෝ!
කොහි ද ආලෝකය?
දල්වන්න එය දැවෙන ගිනිගෙන
ආශාවේ මැලයෙන්!
අකුණුසර මැද වියරු සුළඟද
කෑගසයි රුදු හුදෙකලාවක
කළුව ඇත රෑ අන්ධකාරය
අඳුරු කළු ගල් කුලක් විලසින
ඉඩ නොදෙනු මැන ගෙවී යන්නට
මෙ හෝරාවන් රෑ අඳුර මැද
දල්වන්න ජීවයෙන් ඔබගේ
සෙනෙහසේ රන්වන් ප්‍රදීපය

__________________________________________________________________

Light, oh where is the light? Kindle it with the burning fire of desire!

There is the lamp but never a flicker of a flame---is such thy fate, my heart? Ah, death were better by far for thee!

Misery knocks at thy door, and her message is that thy lord is wakeful, and he calls thee to the love-tryst through the darkness of night.

The sky is overcast with clouds and the rain is ceaseless. I know not what this is that stirs in me---I know not its meaning.

A moment's flash of lightning drags down a deeper gloom on my sight, and my heart gropes for the path to where the music of the night calls me.

Light, oh where is the light! Kindle it with the burning fire of desire! It thunders and the wind rushes screaming through the void. The night is black as a black stone. Let not the hours pass by in the dark. Kindle the lamp of love with thy life.

Sunday, June 12, 2016

තැවරෙනා විට සුසුම් මා සිහින මත | විසි හය වන ගීය

රැඳුණි අසබඩ පැමිණ ඔහු
එනමුදු නොපිබිදියෙමි මම
කවර නම් සැහැසි නින්දක් ද ඒ?
අනේ! පින්මඳ මා!

රෑ කල බෝ නිසංසල
ආ විට වීණාව ගෙන දෝතට
අනුනාද විය මා සිහිනයන්
බැඳී එහි ස්වර සංගතියට

අනේ! මේ සියලු රාත්‍රීන්
පරව යන්නේ ඇයි ද මේ ලෙස?
අහිමි ඇයි මට දැකුම
තැවරෙනා විට ඔබැ සුසුම් මා
සිහින මත

__________________________________________________________________

He came and sat by my side but I woke not. What a cursed sleep it was, O miserable me!

He came when the night was still; he had his harp in his hands, and my dreams became resonant with its melodies.

Alas, why are my nights all thus lost? Ah, why do I ever miss his sight whose breath touches my sleep?

Saturday, June 11, 2016

විඩාබර මේ රාත්‍රිය | විසි පස් වන ගීය

විඩාබර මේ රාත්‍රියේ
නින්ද හා අරගල නොකොට
ඉඩ දෙන්න සැතපෙන්න
හොවා මා බැති සිත ඔබ ළඟ

ඉඩ නොදෙනු මැන මා හට
කෙවිටි කරලන්නට
ආත්මය වෙහෙසින් ගිලන් වූ
නොසැරසී නිසි ලෙස
ඔබ නැමදුමට එන සේ

විඩාපත් දිනයක දෑස මත
නිශාවේ තිරපට දිගහැර
පිබිදුමේ නැවුම් ප්‍රීතියෙන්
පණ පොවන්නේ ඔබ ය ඒ දෑසට

__________________________________________________________________

In the night of weariness let me give myself up to sleep without struggle, resting my trust upon thee. Let me not force my flagging spirit into a poor preparation for thy worship. It is thou who drawest the veil of night upon the tired eyes of the day to renew its sight in a fresher gladness of awakening.