Monday, May 26, 2014

මේ සිඟිති මල් කැකුළ - හවන ගීය

නෙලා රැගෙන යනු මැන
මේ සිඟිති මල් කැකුළ
නොපමාව.!
මිලානව එය දූලි මත වැද
කෙලෙසෙතැයි මම බියවෙමි.

ඔබැ උරතලෙහි රැ‍ඳෙනා
මල් දමෙක 
ඉඩ
අහිමි වුව 
එයට,
නෙලාගත මැන ඔබේ දෑතේ
වේදනාබර ස්පර්ශයෙන් පුදමින්!

මා අවදිවනු පළමු
අද දවස ගෙවී ගොස්
පිදුම් කල නිමාවී-
-යතැයි මම බියවෙමි.


සුවඳින් සිථිල වුව
පැහැයෙන් නොගැඹුරු වුව
යොදාගත මැන එමල 

ඔබ සැනහුමෙහි
නෙලාගත මැන එමල

මේ සුදුසු කාලයෙහි.
__________________________________________________________________

Pluck this little flower and take it, delay not! I fear lest it droop and drop into the dust. I may not find a place in thy garland, but honour it with a touch of pain from thy hand and pluck it. I fear lest the day end before I am aware, and the time of offering go by. Though its colour be not deep and its smell be faint, use this flower in thy service and pluck it while there is time.

ඔබේ දසුනෙන් වියෝවූ හද‍ - පස් වන ගීය

දුන මැනව අවසර 
නිමේෂයකට
ඔබ පසෙක හිඳ ගැනුමට
නිමා කරලනු පිණිස වූ 
සියලු දෑ මම
ඉන් පසුව හඟින්නෙමි.

ඔබේ දසුනෙන් වියෝ වූ සඳ 
නොදනී සේයාවකුදු මා හද 
සහනයෙක හෝ සැනැසුමෙක.
පලායයි සියලු දෑ
හසරක් නොදැන කැලැඹේ
වෙරළක් නුදුටු
සමුදුරු රළ පෙළක් මෙන්

කවුළු දොරකඩ වෙත පැමිණි
ගිම්හානයේ සුසුම් හඬ
රහස් කෙඳුරුම ඇසේ මට 
සුපුෂ්පිත තුරු විසුළ උයනෙහි
අනුරාව නංවති බිඟු 
මියුරු පැසැසුම් ගායනා

හිඳගෙන නිසසලව
ඔබැ මුහුණ පෙනෙනා තැනෙක
මේ නිසංසල මිහිර හා  
පිරී ඉහිරෙන සැනසුම
නමින් පබැඳුණු ගී පද 
ගැයිය යුතු කාලයයි මේ..!
________________________________________________________________

I ask for a moment's indulgence to sit by thy side. The works that I have in hand I will finish afterwards. Away from the sight of thy face my heart knows no rest nor respite, and my work becomes an endless toil in a shore-less sea of toil. Today the summer has come at my window with its sighs and murmurs; and the bees are plying their minstrelsy at the court of the flowering grove. Now it is time to sit quite, face to face with thee, and to sing dedication of live in this silent and overflowing leisure.